WWE ශූර ‘අන්ඩර්ටේකර්’ නොහොත් මාක් කැලවේ ගේ පණිවිඩය…

WWE ශූර ‘අන්ඩර්ටේකර්’ නොහොත් මාක් කැලවේ ගේ පණිවිඩය…

තමාට “යළි රෙස්ලින් වළල්ලට පැමිණීම සඳහා ආශාවක් නැති” බව පැවසීමත් සමග WWE ශූර ‘අන්ඩර්ටේකර්’ වෙත සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් සහාය පළ වී තිබේ.මෑත කාලීන වාර්තා වැඩසටහනකට එක් වෙමින් ඔහු කියා සිටියේ “තමාට තවත් දිනා ගැනීමට දෙයක් නොමැති” බවය.
නමුත් ඔහු හෝ ‘WWE’ සමාගම ඔහු ලීග තරගවලින් විශ්‍රාම ගන්නා බවක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැත.’ද ඩෙඩ් මෑන්’ (The Dead Man) යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වන ඔහු WWE නවතම චරිතාපදානය ‘The Last Ride’ හි සිය අදහස් පළ කර තිබේ.

ඔහු සහභාගි වූ තරගය පිළිබඳ සිය චරිතාපදානයේ ඔහු අදහස් දක්වයි. එම තරගයේදී සිය ප්‍රතිවාදියා “වළ දමන” ඔහු යතුරුපැදියක නැගී නික්ම යයි.

“ඒක නියම අවස්ථාවක්. ඒ වගේ අවස්ථාවල් නිතරම ලැබෙන්නේ නැහැ. වෘත්තීය ජීවිතයට සමු දෙන හොඳම විදිහක් තිබෙනවා නම්, ඒක තමයි ඒ හොඳම විදිහ,” යනුවෙන් ඉහත කී සිදුවීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු සඳහන් කළේය.
ඔහු අවස්ථා ගණනාවක දී ජාත්‍යන්තර ‘හෙවිවේට්’ ශූරතා දිනා ඇත.
ඔහු  ‘ WWE හි නිර්මාතෘවරයෙකු ලෙස ද හැඳින් වේ.
අවසන් වරට එක් තරගයකට සහභාගි වීම පිළිබඳ සිතා බලන නමුත් “කාලයට පමණක් ඒ බව කිව හැකි” බව ඔහු සඳහන් කරයි.
ඔහු මෙන් සියලු දෙනා තම වෘත්තීය ජීවිතයට සමු දීමට හොඳම විදිහකින් සමුදෙනාව නම් කෙතරම් වැදගත් ද..?

 

 

 

714 Views