Horses breeding Centre in Sri Lanka and its advantages-ශ්‍රී ලංකාවට සුදුසු  අශ්වයන් හදන අශ්ව අභිජනන මධ්‍යස්ථානය

Horses breeding Centre in Sri Lanka and its advantages-ශ්‍රී ලංකාවට සුදුසු අශ්වයන් හදන අශ්ව අභිජනන මධ්‍යස්ථානය

Pallekele Horse Breeding Center

The Pallekele Horse Breeding Center in Kandy covers an area of ​​80 acres and is located at the Army Rifle Headquarters.

This horse breeding center was established in the year 2000.

First horse in Sri Lanka to be bred by artificial insemination.

On October 20, 2020, “Samantha” was born as the first horse in Sri Lanka to be bred by artificial insemination.

Importance of Establishing a Horse Breeding Center in Sri Lanka

It may be important to set up a horse breeding center in Sri Lanka to save foreign exchange by producing horses locally for the Sri Lanka Police, Army, hotels, sports and international competitions, the travel industry and so on. It is also possible to focus on generating revenue for the country by providing local horses at competitive prices to foreign countries that require horses.

පල්ලෙකැලේ අශ්ව අභිජනන මධ්‍යස්ථානය

මහනුවර පල්ලෙකැලේ අශ්ව අභිජනන මධ්‍යස්ථානය අක්කර 80 ක වපසරියකින් යුතුව යුද හමුදා රයිෆල් බළකා මූලස්ථාන භූමියේ පිහිටා ඇති අතර එහි දී,2020 ඔක්තෝබර් 20 දින කෘත්‍රිම සිංචන මගින් බිහි වූ ශ්‍රී ලංකාවේ පළමු  අශ්වයා ලෙස “සමන්තා” උපත ලැබීය ය.මෙම අශ්ව අභිජනන මධ්‍යස්ථානය ආරම්භ වන්නේ 2000 වසරේදී ය.

ශ්‍රී ලංකාවේ අශ්ව අභිජනන මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ වැදගත්කම

ශ්‍රී ලංකා පොලිසියට, හමුදාවට, හෝටල්වලට,ක්‍රීඩා සහ ජාත්‍යන්තර තරග,සංචාරයක කර්මාන්තය යනාදී විවිධ ක්ෂේත්‍රවලට අවශ්‍ය අශ්වයන් මෙරටින් ම බිහි කර විදේශ විනිමය ඉතිරි කර ගැනීමට අශ්ව අභිජනන මධ්‍යස්ථානයක් මෙරටදීම ආරම්භ කිරීම වැදගත් විය හැක.

එසේම,අශ්වයයින් අවශ්‍ය විදෙස් රටවල් සදහා තරගකාරී මිලකට මෙරට අශ්වයින් ලබා දී රටට ආදායමක් ලැබීම කෙරෙහි ද අවධායනය යොමු කල හැක.

මෙහි වැදගත්කම පෙන්වා දීමට මූලික වන්නේ ගාමිණි දිසානායක අමාත්‍යවරයාය. ඒ අනුව 1983 දී කලාවැව ප්‍රදේශයේ මෙය ඇරඹී ඇත.

මුලික අඩිතාලම

මෙහි වැදගත්කම පෙන්වා දීමට මූලික වන්නේ ගාමිණි දිසානායක අමාත්‍යවරයාය. ඒ අනුව 1983 දී කලාවැව ප්‍රදේශයේ මෙය ඇරඹී ඇත.

කෘත්‍රිම සිංචන මගින් බිහි වූ ශ්‍රී ලංකාවේ පළමු  අශ්වයාගේ අයිතිකරුවා

සමන්තාගේ අයිතිකරුවා වන්නේ පාලිත සමරකෝන් මහතා ය.

ඔහු ඒ පිළිබද සිළුමිණට දැක් වු අදහස්,

“මම බලාපොරොත්තු වුණේ නම් පිරිමි කෙනෙක්. ඒත් ලැබුණේ ගෑනු කෙනෙක්. කවුරු වුණත් මම එයාව සතුටින් බාර ගත්තා.“ යනුවෙන් පැවසුවේ පාලිත සමරකෝන් ය. පාලිත සමරකෝන් එසේ පැවසුවද ඔහු සමන්තාගේ පියා නම් නොවේ.

පළමු වතාවේ ආරම්භ කළේ උපාලි විජයවර්ධනගේ අශ්වයන් 12 ගෙන් ඔහු සමන්තාගේ අයිතිකරුවා ය. සමන්තා යනු මනුෂ්‍ය ප්‍රාණියෙක් නොවේ. තිරිසන් සත්වයෙකි. තවත් විදිහකින් කිවහොත් සමන්තා යනු අශ්ව පෝතකයෙකි. එහෙත් සමන්තා යනු එසේ මෙසේ අශ්ව පෝතකයකු නොවේ; සුවිශේෂි අශ්ව පැටියෙකි. කෘත්‍රිම සිංචන මගින් ලංකාවේ පළමු වතාවට උපත ලැබූ අශ්ව පෝතකයා වන්නේ සමන්තාය. සමන්තා සත්ව ඉතිහාසයට එකතු වන සුවිශේෂි සත්වයකු වන්නේ එබැවිනි.

“මම අශ්ව අභිජනන මධ්‍යස්ථානය පටන්ගත්තේ 2000 අවුරුද්දෙදි. සාමාන්‍යයෙන් අපේ රටේ සිටින අශ්වයන් උස මහතින් අඩුයි. ඒනිසා මට අවශ්‍ය වුණා උස මහත අශ්වයන් ලංකාවට ආවේණික විදිහට හදන්න. ඒ කියන්නේ වහින වෙලාවට රෙදි පොරවා තබන අශ්වයන් වෙනුවට අව්වට වැස්සට ඔරොත්තු දෙන විදිහට ලංකාවට ගැළපෙන අශ්වයන් හදන්න. ඒත් ලංකාවේ උස මහත අශ්වයන් නැති නිසා මම ලෝකයේ අශ්ව අභිජනන මධ්‍යස්ථාන ගැන අන්තර්ජාලයෙන් හොයලා බැලුවා. එහිදි මට කැලිෆෝනියාවේ තැනක් හොයා ගන්න පුළුවන් වුණා. මගේ පුතා ඉන්නේ ඇමෙරිකාවේ. මම පුතාව බලන්න ඇමෙරිකාවෙ ගිය විට කැලිෆෝනියාවේ මධ්‍යස්ථානයට ගිහින් ඒ අය හමු වුණා. පසුව ඒ අය ළඟ සිටින අරාබි අශ්වයන්ගේ ශුක්‍රාණු වෑල් 10 ක් මට ලබා ගන්න හැකි වුණා.“ යනුවෙන් පාලිත සමරකෝන් මහතා සිළුමිණට සඳහන් කරන ලදී.

පසුගිය වසරේ කෘත්‍රිම සිංචනය කළ තුල්වාන් වෙළඹ මාස 10 කුත් දින 15 ක් සම්පූර්ණ වූ පසුව 2020 ඔක්තෝබර් 20 වැනි දින සිය පැටවා ප්‍රසූත කළාය. පැටවා ඉතා හොඳින් වැඩී සිටි අතර මනා ශරීර සෞඛ්‍යයෙන් පසුවිය. මෙම පැටවා සත්ව අභිජනන ඉතිහාසයේ සටහන් වන අශ්ව පැටවෙකි.

උසස් පෙළපතකට සහ දීර්ඝ ඉතිහාසයකට හිමිකමක් ඇති අරාබි අශ්වයන්ගේ ශුක්‍රාණු මාත්‍රා 10 රැගෙන ඒමේදී අනුගමනය කළ යුතු ක්‍රම

 

උෂ්ණත්වය-සෙන්ටිග්‍රේඩ් අංශක ඝෘණ 40 ක උෂ්ණත්වයක තැන්පත් කළ යුතුය.

තැන්පත් කළ යුතු අයුරු – නයිට්‍රජන් වායුව බහාලුමක තැන්පත් කළ යුතුය.

සහතික-ඇමෙරිකානු රජයෙන් සහතිකයක් ලබා ගත යුතුය.

අදාළ සියලු කරුණු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව මෙම ශ්‍රක්‍රාණු බහාලුම 2010 වර්ෂයේදී මෙරටට ගෙන එන ලදී.එය කුණ්ඩසාලේ පිහිටි ගොවිපළේ තැන්පත් කර ඇත.

කෘත්‍රිම සිංචනය

2010 රැගෙන එනු ලැබූ අශ්ව ශුක්‍රාණු මාත්‍රා 10 න් 3 ක්ම කෘත්‍රිම සිංචනය කළද එම අවස්ථා 3 ම නිශ්ඵල වී ඇත.

“කෘත්‍රිම සිංචනයේදි වෙළඹට අවුරුදු 4 ක් 5 ක් වගේ වයස වෙන්න ඕනෑ. ඊට පෙර පැටව් ලැබිලා තියෙන්න ඕනෑ. මේ වගේ කාරණා කීපයක් සම්පූර්ණ වෙන්න ඕනෑ. ඒත් මම මීට පෙර කෘත්‍රිම සිංචන කළ අවස්ථා තුනේදිම ඒ කරුණු සියල්ලම සම්පූර්ණ කර ගන්න බැරි වුණා. එ් නිසා වෙන්න ඇති ඒ අවස්ථා 3 ම නිශ්ඵල වුණේ.“ යනුවෙන් පැවසුවේ පාලිත සමරකෝන් ය.

කෘත්‍රිම සිංචනය සඳහා තෝරාගත් තුල්වාන්

ඔහු සඳහන් කළ සියලු කාරණා සම්පූර්ණ කර ගැනීමට ඔහුට 2019 වර්ෂය වන තුරු බලා සිටින්නට සිදු විය. 2019 ඔක්තෝබර් මාසයේදී කෘත්‍රිම සිංචනය සඳහා තෝරා ගැනුණේ තුල්වාන් වෙළඹය. උසස් කුල පරම්පරාවකට අයත් තුල්වාන්ගේ වයස අවුරුදු 4 කි. මීට පෙර එක් පැටවකු බිහි කර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ  සහය

මෙහි දී මෙම කෘත්‍රිම සිංචන කාර්යයේ දී ඊට දායකවූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික පෙරේරා ගැන ද අමතක නොකල යුතු ය.

“මම අශ්ව අභිජනන මධ්‍යස්ථානය ආරම්භ කිරීමත් එක්ක පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයත් එක්ක ගොඩාක් සම්බන්ධ වුණා. මහාචාර්ය බැසිල් ඇලෙක්සැන්ඩර්, මහාචාර්ය අනිල් පුෂ්පකුමාර, මහාචාර්ය නෙවිල් මට ගොඩාක් උදව් කළා. මට ගුරුහරුකම් ලබා දුන්නේ ඒ අය.“ යනුවෙන් පාලිත සමරකෝන් පැවසීය.

පාලිත සමරකෝන් මහතා

පාලිත සමරකෝන් පවසන්නේ සමන්තා අශ්ව පැටවා ඔහු ළඟ ඇතිදැඩි වන අශ්වයන්ගේ 7 වැනි පරම්පරාවට අයත් වන බවයි. මේ වන විට ඔහුට අයත් පල්ලෙකැලේ අශ්ව අභිජනන මධ්‍යස්ථානයේ අශ්වයන් 15 දෙනෙක් සිටිති. මෙහි බිහි වූ පැටවුන් සංඛ්‍යාව 50 කි. සමන්තා සමඟ මෙම වසරේ ඔක්තෝබර් මාසයේදී පැටවුන් 6 ක් බිහි වී තිබේ.

ඔහු අශ්වයන් ඇති කිරීමට ආරම්බ කර ඇත්තේ වර්ෂ 1983 දීය.එය උපාලි විජයවර්ධන මහතා සතු අශ්වයන් 12 දෙනකු ඔහුට හිමි වීමත් සමඟිනි.

මගේ 8 වැනි උපන්දිනයට අම්මා එළදෙනෙක් අරන් තෑගි කළේ මගේ සත්ව පිස්සුව නිසාමයි. පසුව අපේ ගෙදර හරක්, තාරාවන්, කුකුළන් වැනි සතුන් හදන්න පටන් ගත්තා. මට අවුරුදු 20 දි ඉංග්‍රීසි ජාතිකයන්ට අයත් තේ වත්තක වතු අධිකාරි තනතුරක් ලැබුණා. ඒ වත්තේ අශ්වයන් හිටියා. මමත් වත්තේ එහා මෙහා ගියේ අශ්වයා පිටේ. ඊටපස්සේ 1979 දී මහවැලි ව්‍යාපාරය ආරම්භ කිරීමත් එක්කලා මම ගාමිණි දිසානායක ඇමතිතුමාගේ උපදේශකයකු හැටියට පත්වුණා. සත්ව ගොවිපළවල් ආරම්භ කරලා කිරි, බිත්තර, යෝගට් නිෂ්පාදනය පටන් අරන් මහවැලි කලාපවල මම ලොකු වැඩ කොටසක් කළා. ඔය අතරේදි උපාලි විජයවර්ධන මහත්තයා නැතිවුණා. එයා ළඟ හිටපු අශ්වයන් 12 දෙනා සීවලි රත්වත්ත මහත්තයාට බාර වුණා. අශ්වයෙක් ගන්න තියෙන ආශාව නිසාම මම දවසක් රත්වත්ත මහත්තයාව හම්බවෙන්න ගිහිල්ලා අශ්වයෙක් ඉල්ලුවා.

මගේ වතගොත අහලා මට කිව්වා මේ අශ්වයෝ 12 දෙනාවම ගන්න කියලා.

ඒක මට හරියට ස්වීප් එකක් ඇදුණා වගෙයි. යනුවෙන් පාලිත සමරකෝන් පැවසීය.

උපාලි විජයවර්ධනට අයත් අශ්වයන්

අශ්වයන් 12 දෙනාගෙන් පිරිමි සතුන් හිටියේ දෙදෙනකු පමණි. ඉතිරි 10 දෙනාම ගැහැනු වූහ. කින්සුලු හා කෝන්වෝල් ගාඩ්න් යන පිරිමි සතුන් දෙදෙනාට ද වන්ධ්‍යකරණ සැත්කම් කර තිබූ බැවින් උන්ට පැටවුන් බෝ කළ නොහැකි විය. අශ්ව අභිජනන කටයුත්තට 1984 පකිස්තානයෙන් අශ්වයන් දෙදෙනකුත් 1986 දී ඕස්ට්‍රේලියාවෙන් අශ්වයන් දෙදෙනකුත් ඔහු ගෙන ආවේ ඒ නිසාය.

ඔහුගේ මෙම කාර්යයන් 88 – 89 භීෂණ යුගයත් සමඟ කණපිට පෙරළිණි. මෙම වකවානුවේ අශ්ව අභිජනන මධ්‍යස්ථානය පිහිටා තිබුණේ කුණ්ඩසාලේ ය.

අභිජනන මධ්‍යස්ථානයේ සිටි අශ්වයන් පොලිසියට බාර දීම සහ වෙන්දේසි කිරීම

මහවැලිය යටතේ එවකට කොත්මලේ පවත්වාගෙන ගිය අභිජනන මධ්‍යස්ථානයේ සිටි අශ්වයන් පොලිසියට බාර දී තිබුණු අතර පොලිස් දෙපාර්තමේන්තුව විසින් ලොකු අශ්වයන් තබා ගෙන මධ්‍ය ප්‍රමාණයේ අශ්වයන් වෙන්දේසි කර තිබිණි.

මුදලක් ඉතිරි කර ගත හැකි වීමේ ප්‍රතිලාභ

අශ්වයන් අභිජනනය කිරීමෙන් විදේශ රටවල්වලින් අසුන් ගෙන්වීමට වැය වන විශාල මුදලක් ඉතිරි කර ගත හැකි වීමේ ප්‍රතිලාභය ද ඔහුගේ සිතෙහි නිදන්ගත වී තිබිණි. එහෙත් රජයේ අවධානය යොමු වී තිබුණේ එළදෙනුන් අභිජනනය කිරීමට මිස අශ්වයන් අභිජනනය කිරීමට නොවේ.

පුද්ගලික මට්ටමෙන් අශ්වයන් අභිජනනය කිරීම

වසර 2000 දී ඔහු පුද්ගලික මට්ටමෙන් අශ්වයන් අභිජනනය කිරීමේ මධ්‍යස්ථානයක්  පොළොන්නරුවේදි  ආරම්බ වන්නේ අශ්වයන් අභිජනනය කිරීම බලාපොරොත්තුවෙනි.

පාලිත සමරකෝන්  මහතා මේ පිළිබද දැක් වූ අදහස්….

“ඒ වෙනකොට මට අශ්වයන් හිටියේ නැහැ. මම අශ්වයන් හොයද්දි මරදාන ඩොනල්ඩ් ස්ටුඩියෝ එකේ අයිතිකරු ෂෙහාන් ළඟ අශ්වයන් සිටින බව ආරංචි වුණා. මම ෂෙහාන් හමුවෙන්න ගියා. එතනදි හරි අපූරු දෙයක් සිද්ධ වුණා. උපාලි විජයවර්ධන මහත්තයාගෙන් මට ලැබුණු අශ්වයනුත් එතන හිටියා.

පල්ලෙකැලේ අශ්ව අභිජනන මධ්‍යස්ථානය තුළ සිදු වූ විශේෂ කටයුත්ත.

එය සමන්තාගේ මව හෙවත් තුල්වාන්ට ඉතිරි වී තිබෙන ශුක්‍රාණු මාත්‍රාවක් නැවතත් කෘත්‍රිම සිංචනය කිරීමයි.

පාලිත සමරකෝන් මහතාගේ එකම බලාපොරොත්තුව

අනෙක් අශ්ව පැටවුන්ට වඩා උසින් සහ බරින් වැඩි මෙන්ම කැපී පෙනෙන දැකුම්කලු හමක් සහිත සමන්තා වැනි තවත් පැටවකු ලබා ගෙන ලංකාවට ආවේණික අශ්වයන් ඇති කිරීම ය.

නොපසුබට උත්සහ

මෙරට, කෘත්‍රිම සිංචන අවස්ථා තුනක්ම නිශ්ඵල වුවුද,නොපසුබට උත්සහය නිසා අදවන විට මෙහි සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වීම අවධානයට යොමු කල යුතු වේ.

එය සියලු ක්ෂේත්‍ර සදහා වැදගත් විය හැක.

Pallekele Horse Breeding Center

The Pallekele Horse Breeding Center in Kandy covers an area of ​​80 acres and is located at the Army Rifle Headquarters.

This horse breeding center was established in the year 2000.

First horse in Sri Lanka to be bred by artificial insemination.

On October 20, 2020, “Samantha” was born as the first horse in Sri Lanka to be bred by artificial insemination.

Importance of Establishing a Horse Breeding Center in Sri Lanka

It may be important to set up a horse breeding center in Sri Lanka to save foreign exchange by producing horses locally for the Sri Lanka Police, Army, hotels, sports and international competitions, the travel industry and so on. It is also possible to focus on generating revenue for the country by providing local horses at competitive prices to foreign countries that require horses.

මුලාශ්‍ර : සිළුමිණ

https://horsesforestry.com/author/horsesforestry/

207 Views

Leave a Reply

Your email address will not be published.